මෙක්සිකෝවේ අගනුවර සිදුවූ භූමිකම්පාවකින් 100 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි අන්තර්ජාතික පුවත් සේවා වාර්තා කරයි. භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 7.1 ක් බවද මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවද අන්තර්ජාතික පුවත් සේවා කියයි. මුදවාගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර කඩා වැටුණු පාසැල් ගොඩනැගිල්ලකට සිසුන් පිරිසක් යටවී ඇතැයි ද පැවසේ.
නගරයේ විදුලිය විසන්ධි වී ඇති අතර ගෑස් නල පුපුරා යෑමේ අනතුරක් ඇති බවට ද අනතුරු අඟවා ඇත. මෙක්සිකෝ නගරාධිපතිවරයා පවසා ඇත්තේ ගොඩනැගිලි 44කට පමණ පූර්ණ හානි සිදුව ඇති බවයි.
භූකම්පනයේ අපිකේන්ද්‍රය මෙක්සිකෝ නගරයට කිලෝමීටර් 120ක් පමණ දුරින් පිහිටි පුවෙබ්ලා ප්‍රාන්තයේ කිලෝමීටර් 51ක් පමණ ගැඹුරින් පිහිටා තිබූ බව ඇමරිකානු භූ විද්‍යා කාර්යාංශය පවසයි.
අවුරුදු 32කට පෙර මෙක්සිකෝවේ දහස් ගනනක් මියගිය භූමි කම්පාවක සැමරුම් උත්සවය පැවැත්වෙන අවස්ථාවේම මෙම භූකම්පනය ද සිදුවී ඇත.
මෙක්සිකෝවේ භූකම්පන කළාපයක පිහිටා ඇති අතර පසුගිය දිනවල සිදුවූ ප්‍රබල භූකම්පනයකින් 90ක් පමණ මිය ගියහ.
මෙක්සිකෝ නගරය ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින නගර වලින් එකක් වන අතර මෙක්සිකෝ නගරයේ පමණක් මිලියන 20ක පමණ පිරිසක් වාසය කරති.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)





