මූලාසනයට තර්ජනය නොකරන්න- කතානායක


(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

මූලාසනයට තර්ජනය කර ඇඟිල්ල දික්කර බලපෑම් කරමින් තීරණ ගැනීමට කටයුතු නොකරන ලෙස කියා සිටි කතානායක කරූ ජයසූරිය මහතා කිහිපවරක්ම රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ නම කියමින් අද(07) අවවාද කළේය.
ඔහු නම් කිරීමට ද සිදුවිය හැකි බවටද කතානායකවරයා අනතුරු ඇඟවීය.

පාර්ලිමේන්තුව ප්‍රාදේශීය සභාවක් නොවන බවත් එහි උත්තරීතරභාවය සහ ගරුත්වය රැකෙන අයුරින් කටයුතු කරන ලෙස කතානායකවරයා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට තරයේ අවවාද කළේය.

කතානායකවරයා එම අදහස් පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා නැගූ ප්‍රශ්නයකට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පිළිතුරු දෙන අවස්ථාවේ ඇති වූ නොසන්සුන්තාවක් පාලනය කරමිනි.