මුහුදු කූඩැල්ලන් සමඟ තිදෙනකු අත්අඩංගුවට


(පද්මා කුමාරී කංකානම්ගේ )


ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කළ බවට  සැක සහිත මුහුදු කූඩැල්ලන්  දැමූ මළු  17ක්  කල්පිටිය කන්දකුළිය ප්‍රදේශයේදී ලොරි ප්‍රවාහනය කරමින් තිබියදී තිදෙනෙකු ද සමඟ කල්පිටිය නාවික හමුදාව මගින් අත් අඩංගුවට ගෙන  අද (14)  කල්පිටිය පොලිසිය වෙත  භාර දී ඇත.
 
මෙම මළු තුළ මුහුදු කූඩැල්ලන් කිලෝ 850 ක් පමණ වන අතර සැක කරුවන් හා ඉන්දියන් ජාවාරම්කරුවන් අතර සබඳතා ඇති බවට සැක කරයි.
 
සැක කරුවන් නිරෝධායනයට ලක් කිරීමේ නියමිත බැව් කල්පිටිය පොලිසිය සඳහන් කළේය.
 
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක  මහතා සඳහන් කළේ මෙම මුහුදු කූඩැල්ලන් ඉන්දියාවේ සිට මෙරටට  ප්‍රවාහනය කළ බැව් තහවුරු කර ගැනීමට පරීක්ෂණ සිදු කරන බව යි.
 
සැකකරුවන් කල්පිටිය කන්ද කුළිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35-50 අතර පිරිසකි. කල්පිටිය පොලිසිය හා පුත්තලම ධීවර හා ජලජසම්පත් කාර්‍යාලය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.