මුහුද මැදදී නැව කැඩේ


ශ්‍රී ලාංකිකයෝ දෙසිය දෙනෙකු රැගත් නීති විරෝධී සංක්‍රමිණික යාත්‍රාවක් ඉන්දුනීසියාව හා ඕස්ට්‍රේලියාව අතර මුහුදු සීමාවේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් ලාංකිකයින් 75 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. යාත්‍රාව කුමන රටක සිට පැමිණ ඇත්දැයි මෙතෙක් තහවුරු වී නැත. යාත්‍රාවේ සිටින දිවි ගලවාගත් ලාංකිකයින් පිරිස බේරා ගැනීම සඳහා ඔස්ට්‍රේලියා හා ඉන්දුනීසියා නාවික හමුදා යාත්‍රා අද පස්වරුවේ අනතුර සිදුවූ මුහුදු සීමාව වෙත යාත්‍රා කරමින් සිටියේය.