මුහුණු පොතේ කවිලියූ ගුරුවරයා මානව හිමිකම් සොයා යයි


තරිඳු ජයවර්ධන

ෆේස්බුක් වෙබ් අඩවියේ කවි ලියා පලකිරීම නිසා ස්ථාන මාරු කළැයි කී කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ තරුණ ගුරුවරයා අද  (19) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමාෂන් සභාවට පැමිණිල්ලක් කළේය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය මදුරා එම් වේහැල්ල සහ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති එච් එම් එන් හේරත් මහත්වරු මෙම පැමිණිල්ලෙන් වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටිති.

සේවා අවශ්‍යතා මත යැයි කියමින් තමා ස්ථාන මාරු කළ ද මාරුව ලැබෙන අවස්ථාව වන විටත් කාලසටහනක් තිබුණු බව එම ගුරුවරයා කළ පැමිණිල්ලේ සඳහන් වේ. ස්ථාන මාරු කළ නාරම්මල මයුරපාද විද්‍යාලයයේ තම විෂ්‍යට පුරප්පාඩු නැතැයි ද, මාරුවට හේතුව ෆේස්බුක් පිටුවේ කවි ලියා පළ කිරීම බව ද එම ගුරුවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කියා ඇත.