ඉදිරි මැතිවරණවල දී රජය සමග තරග කිරීමට බොහෝ දුරට ඉඩ ඇතත් පක්ෂයේ උත්තරීතර මණ්ඩලයෙන් ඒ ගැන අවසන් තීරණයක් ගනු ඇතැයි ද ඒ සඳහා රජයට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් විය හැකි යැයි ද අධිකරණ ඇමැති මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා පොතුවිල් පක්ෂ හමුවක දී අද ප්‍රකාශ කෙළේය. ඉදිරිපත් කරන කොන්දේසි කවරේදැයි ඇමැති හෙළි කෙළේ නැත. රජය සමග ඉදිරි ඡන්දවලට ඉදිරිපත් වීමේ හැකියාව ඇති බව ඔහු අවධාරණය කෙළේය.