මුවර්ස් - ද්‍රවිඩ සංගම් 23 න් පහළ ක‍්‍රිකට් අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි


මූවර්ස් ක‍්‍රීඩා සමාජය සහ ද්‍රවිඩ සංගම් ක‍්‍රීඩා සමාජය අන්තර් සමාජ වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු වැනි කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. අවසන් මහ තරගය සැප්තැම්බර් මස 2, 3 සහ 4 තෙදින කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. අවසන් පූර්ව තරගවලදී මුවර්ස් පිල ලකුණු 86 කින් කෝල්ට්ස් පිල පරාජය කළ අතර ද්‍රවිඩ සංගම් පිල ගුවන් හමුදා පිලට එරෙහිව පළමු ඉනිමේ ජය ලැබීය.