මුලතිව් පැත්තට පැය 21ක් වැසි


සුළි කුණාටුව එතියි සැලකෙන මුලතිව් හි යළි පදිංචි කළ පවුල් 4000ක් ආරක්ෂිත ස්ථාන කරා යැවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. අද රාත‍්‍රී 9.00 වන විට එම පෙදෙස්වලට නොකඩවා පැය 21ක් පුරා වැසි වාර්තා විය. පාසල් ආදී ගොඩනැගිලිවල නවාතැන් ගෙන සිටින ඔවුන් කියනුයේ දැඩි සීතලක් එම පළාත් හි පවතින බවයි. මුලතිව්හි වැව් අමුණු ද පිටාර මට්ටමට ළඟා වී ඇත.