මුරලි එකමුතු කුසලාන ක‍්‍රිකට් තරග දින 5 ක්


වසර 30 ක පැවැති යුද්ධය නිමාවීමත් සමග සියලූ ජාතීන් අතර සාමය වර්ධනය කිරීමේ මූලික අරමුණු ඇතිව සංවිධානය කරන ‘මුරලි එකමුතු කුසලාන’ ආරාධිත පාසල් ක‍්‍රිකට් තරගාවලිය මේ මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වා උතුරු සහ -නැගෙනහිර පළාත්වලදී පැවැත්වේ. මෙම තරගාවලියට බාලක කණ්ඩායම් 12 ක් සහ වයස 23 න් පහළ කාන්තා කණ්ඩායම් 8 ක් සහභාගි වීමට නියමිතය. මෙම තරගාවලියේ දස්කම් දක්වන ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමට එමිරේට්ස් ගුවන් සමාගමේ අනුග‍්‍රහයෙන් සිංගප්පූරුවේ තරග සංචාරයකට සහභාගි වීමේ අවස්ථාව හිමිවේ.