මුම්බායි නුවර සුන්දර වෙරල තීරය අද්දර පිහිටි සිද්ධාර්ථ විහාරස්ථානය දහසක් දෙනාට දහම් සිසිල බෙදයි.
විහාරස්ථානයට අයත් ගොඩනැගිල්ල මහල් 16කින් යුත්තය. පසුගියදා එසැණ එහි ගියේය. විහාරස්ථානය පසෙකින් විශාල බුදු මැදුරක් තනා තිබේ. විහාරස්ථානයට අයත් ගොඩනැගිල්ලේ 16 වැනි මහලට ගිය පසු මුළු මුම්බායි නුවරම දැකබලා ගැනීමට හැකිය. 16වැනි මහලේ තවත් බුදු මැදුරකි.
එහි බුදුපිළිම වහන්සේ පිලිබදව විහාරාධිපති කොහිලවත්තේ ලංකානන්ද හිමියෝ මෙසේ කීහ.
මේ බුදුපිළිම වහන්සේගේ නෙත් හරිම බලසම්පන්නයි. ඒ වගේම දෑස් දිහා බලන් ඉන්න ආසයි. එම පිළිම වහන්සේ වසර සිය ගණනක් පැරණියි. වසර ගණනාවක් ඉන්දියාවේ දර්මදුත සේවයේ යෙදෙමින් 1996 දි අපවත්වී වදාළ මහාචාර්ය කොහිලවත්තේ ආනන්ද හිමියන් විසින් මේ සියලු දේ ගොඩනැගු බවද ලංකානන්ද හිමියෝ කීහ.
බහුජන විහාරස්තන දායක මණ්ඩලය විහාරස්ථානය පාලනය වන අතර එහි කළමනාකාරිනි කමනි රණසිංහ මහත්මියයි.










