මුන්නේස්වරමට වාරණයක්


හලාවත මුන්නේස්වරම් ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ සත්ව බිලි පූජාවනට එරෙහිව කිසිදු ආකාරයේ විරෝධතා, සත්‍යක්‍රියා, හෝ පා ගමන් දේවාල  භූමියයේ පැවැත්වීම තහනම් කරමින් හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජගත් ඒ කහඳගම මහතා තහනම් නියෝගයක් නිකුත් කෙළේය. බාරහාර ඔප්පු කිරීම සඳහා අඩු ගණනේ එළුවන් දෙසීයක් පමණ එහිදී මරා දැමෙයි. මර්වින් ඇමැති මීට කලින් කියා තිබුණේ බිලි පූජා නොපවත්වන ලෙසයි. හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක මනෝජ් රණගල මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විරෝධතා, සත්‍යක්‍රියා,  හා පා ගමන් පැවැත්වීමට ඉඩ ඇති බවයි. කොවිලේ වාර්ෂික සත්ව බිලි පූජාව සැප්තැම්බර පළමු වැනි දින දහවල් පැවැත්වීමට නියමිතයි. සත්ව හිංසන වැළැක්වීමේ ජාතික ආගමික එකමුතුව ගිය ඉරිදා ඊට විරෝධය දක්වමින් පා ගමනක් සහ සත්‍යක්‍රියාවක් දේවාලය ඉදිරිපිට දී පැවැත්වීය.