මුන්නේස්වරමට පිදූ දිවි සමට තිස් දාහක් දඩ
බාරයක් ඔප්පු කරමින් හලාවත මුන්නේස්වරම් දේවාලයට දිවි සමක් පූජා කළ නයිනමඩමේ වර්ණකුලසූරිය නෙල්සන් හියුබට් ප‍්‍රනාන්දුට රුපියල් තිස් දහසක දඩයක් නියම කළ හලාවත වැඩබලන මහේස්ත‍්‍රාත් අර්මින් ප‍්‍රනාන්දු මහතා, දිවි සම පිළිබඳ නියෝගය කල් දැමීය. දිවි සම ළඟ තබා ගැනීම නීති විරෝධී ක‍්‍රියාවකි. මේ සම කටුගෙට දෙන්නැයි වනජීවී නිලධරයෝ කීහ. දිවි සම දේවාලයට දෙන්නැයි ද ඉල්ලීමක් කැරිණි.

