මුන්නේශ්වරමේ බිලි පූජාවට යළි වාරණයක්


හලාවත මුන්නේශ්වරම භද්‍රකාලි කෝවිලේ සත්ව ඝාතන සම්බන්ධයෙන්  ඕමාරේ කස්සප හිමියන් හා ඇමැති මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කැරුණු මෝසම් ගැන ලබන 11 වැනිදා තීන්දුවක් දෙනතුරු බිලි පූජා නතර කරන ලෙස හලාවත ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජගත් ඒ. කහඳගම මහතා කෝවිල් පාලකයනට නියෝග කළේය. වෙන්නප්පුව පොලිස් අධිකාරී ඊ.එස්. දයාරත්න මහතා කියා සිටියේ කෝවිලේ සත්ව ඝාතන නීති විරෝධී බවයි.