මුදාහළ සැකකරු වස බීලා?


කහවත්ත දිඹුල්වල තරුණ යුවළක් ඝාතනය කිරීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මුදා හළ තරුණයෙක් වස වර්ගයක් ශරීරගත වී කහවත්ත රෝහලට ඇතුළු කරනු ලැබීය. ඔහු වස බොන්නට ඇතැයි සැක කරයි. මීට කලින් කොටකෙතන ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මුදාහළ විවාහකයෙක් සිය දිවි නසා ගත්තේය. නිර්දෝෂී පුද්ගලයකු වූ තමාට වූ අපකීර්තිය නිසා සිය දිවි නසා ගන්නා බව ඔහු බිරියට කියා තිබිණි.