මුද්‍රා තැබූ වී කිලෝ ලක්‍ෂ 90 සතොස හරහා ජනතාවට


(යොහාන් භාසුර)

උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ලියාපදිංචි නොකළ වී ගබඩා 52 කින් පසුගිය සති කීපයේදී සොයාගැනීමෙන් පසුව මේ වන විට මුද්‍රා තබා ඇති වී මෙට්‍රික්ටොන් 9000 ක් හෙවත් වී කිලෝ ලක්‍ෂ 90 වී අළෙවි මණ්ඩලය ලබාගෙන සහල් කර සතොස හරහා ජනතාවට සහන මිල ලබා දෙන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා පැවසීය.

නීතිවිරෝධී වී ගබඩා දිගින් දිගටම වටලන බව සඳහන් කළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා සහල් මිල ඉහළ යෑමට හේතුව නීතිවිරෝධී ගබඩාවල තිබෙන වී තොගවලින් පැහැදිළි වන බව පැවසීය.