කොළොන්නාව සුගුණපාරේ ලිට්රෝ ගෑස් වෙළෙන්දකු ගෑස් සිලින්ඩරයකින් කිලෝ තුනක් පමණ හොරෙන් ඇද අඩුබර ගෑස් විකිණියැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි.
එවැනි අඩුබර සිලින්ඩර 45 ක් සමඟ වෙළෙන්දා සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය. කිලෝ 12.5 ලිට්රෝ සිලින්ඩරයක කොළඹ මිල රුපියල් 2396 කි.
