(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම අටළුගම ව්‍යාපාරිකයකු සතුව තිබු රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිරිහාන පොලීසියේ කොස්තාපල්වරුන් තිදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කළ බව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි නිහාල් මහතා පැවසීය.
මෙසේ වැඩ තහනමට ලක් වුයේ මිරිහාන පොලීසියේ දූෂණ මර්ධන අංශයේ සේවය කළ තිදෙනෙකි.
ඔවුන් තිදෙනා අද නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් සුනීතා නානයක්කාර මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණි.

