මුදලට වෙදකම් කළ දොස්තර පැනලා දුවයි


(කාංචන කුමාර ආරියදාස )

සයිටම් විරෝධී වෛද්‍ය වැඩ වර්ජනය අතරේ මුදලට රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයකු සම්බන්ධයෙන් අද (23) ගලේවෙල රජයේ රෝහල ඉදිරිපිටින් වාර්තා විය.

ඒ අනුව පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගිය අපහට දැකගත හැකි වූයේ විශාල රෝගීන් පිරිසක් පෝලිමේ සිටින ආකාරයයි.වෛද්‍යවරයා ඔවුන්ට ප්‍රතිකාර කරන ආකාරය ද දැකගත හැකිවිණි .

වෛද්‍යවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට ගිය අවස්ථාවේ වෛද්‍යවරයා එම අවස්ථාවේ ප්‍රතිකාර කරමින් සිටි රෝගියාද එතැන දමා කලබලෙන් මෙන් පිටව යන්නට වූ අතර ඔහු පැවසුවේ මෙදින වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවක් නොදන්නා බවය .

එහි වසා තිබු දොර සේවිකාවක යොදා විවෘත කරගෙන ඔහු ප්‍රධාන මාර්ගය හරහා පැන දිව යන්නට විය . ඔහු ගලේවෙල රජයේ රෝහල තුළට දිව ගිය අතර එහි සේවිකාවන් හා ආරක්ෂක නිලධාරින් පැවසුවේ එම වෛද්‍යවරයා ගලේවෙල රෝහලේ නොව කැකිරාව රෝහලේ සේවය කරන බවයි .

අප ගලේවෙල රෝහල් භුමියේ සිටියදී වෛද්‍යවරයාගේ තැරව්කරුවකු පැමිණ අපට තර්ජනය කළ අතර ඔහු කිවේ මුදලට ප්‍රතිකාර දීමට එරෙහිව මාධ්‍යයට බලපෑම් කිරීමට නොහැකි බවය ,