කටුනායක ගුවන්තොටේදී අද (28) අත්අඩංගුවට ගත් නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මින් මද වේලාවකට පෙර දැඩි ආරක්ෂාව මධ්‍යයේ ගාල්ල බන්ධනාගාරයට රැගෙන එනු ලැබීය. ඔහු අද පස්වරුවේ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පුර්ණිමා පරණගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
ඔහු හැකි ඉක්මනින් බද්දේගම උසාවියට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළ බව
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පැවැසීය.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසුයේ ඔහු 30 වැනිදා අඟහරුවාදා දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ බවයි.එහෙත් බද්දේගම උසාවියේ වරෙන්තුව යළි කැඳැවීමට නියමිතව ඇත්තේ (29) සඳුදාය.

