මුජිබර්ගේ පෙත්සමට දින දෙයි


(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වාහාම සියලු පියවර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම සළකා බැලීම සඳහා මෙම මස 23 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) නියෝග කළේය.

මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන,මුර්දු ප්‍රනාන්දු සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (16) කැඳවූ අවස්ථාවේදී මෙසේ නියෝග කළේය.