මුගටි විසෙන් ව්‍යාපාරිකයා මරුට


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

එලවාගෙන ආ සුනඛයින්ගෙන් බේරීම සඳහා නිවස තුළට රිංගාගත් මුගටියකු පලවා හැරීමට උත්සහ කළ ව්‍යාපාරිකයකුගේ එක් කකුලක මහපට ඇඟිල්ල එම මුගටියා විසින් සපා කෑම නිසා රෝගාතුරව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම ව්‍යාපාරිකයා මියගිය බව හලාවත රෝහලේ පැවැති මරණ පරීක්ෂණයේදී කරුණු අනාවරණය විය.

මෙසේ මියගොස් ඇත්තේ නාත්තන්ඩිය මාවිල ප්‍රදේශයේ පදිංචිව සිටී සිටි සමීර නිමන්ත අබේසිංහ නැමති 39 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.