මුඛ ආවරණ නොමැතිව මහමඟ ගමන් කළ 1280දෙනෙකුට අවවාද කරයි


( දිල්රුක්ෂි ග්‍රේරු)

බස්නාහිර පළාතේ   ප්‍රසිද්ධ ස්ථානයන්හි  මුඛ ආවාරණ නොමැතිව  ගමන් කළ සහ රැඳිසිටි   පුද්ගලයින්  1280 කට තදින් අවවාද කර  යැවීමට පොලීසිය කටයුතු කර තිබේ.

ඔවුන් නැවත නැවතත්  සෞඛ්‍යආරක්ෂිත නොවන අයුරින් හැසිරෙමින්   මුඛ ආවරණද නොමැතිව මාර්ගයේදී  රැදී සිටියහොත්  නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කරන බවද පොලීසිය සඳහන් කරයි.

 එමෙන්ම  මුඛ ආවරණ පැළැදීමේ වැදගත්කම පිළිබඳව  ජතනාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් , අද දිනයේදී ද කොටුව, බොරැල්ල දෙමටගොඩ, කිරිබත්ගොඩ, කඩවත ආදී  ප්‍රදේශයන්හි පැවැත්වුණ අතර ජනතාවට නොමිලේ මුඛ ආවරණ ලබා දීමද සිදු කෙරිණි.
 
සෞඛ්‍ය බලධාරීන් සහ රණවිරුවන් ඇතුළු ආරක්ෂක අංශ  කෝරෝනා ව්‍යාප්තිය පාලනය  සඳහා ගෙන යන උත්සාහය අතරතුරදී  එම නිර්දේඔයන්ට පටහැනිව  මුඛ ආවර නොපැළද, නිරෝධායන නීති කඩමින්  ඇතැම් පිරිස් හැසිරිරෙන අයුරු වැළැක්වීමට සහ බහුතර ප්‍රජාවට ඇතිවන අනතුරුදායක තත්ත්වය මගහැරවීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.
 
පොලිස්පතිවරයාගේ උපදෙස් මත බස්නාහිර  පළාත  හා  රථවාහන  භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු  තෙන්නකෝන්  මහතාගේ අධික්ෂණය හා මෙහෙවීම මත  පිරිස දැනුම්වත් කිරීම් සහ අවවාද කිරීම් සිදු කිරීමට පොලීසිය කටයුතු කර ඇත.