කොස්ලන්ද මීරීයබැද්දේ අවතැන් වුවන්ට රජය මගින් ඉඩම් ලබා දෙන බව ආපදා කලමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.
මේ අතර මිය ගිය සංඛ්‍යාව පිළිබඳ පරස්පර වාර්ථා ඉදිරිපත් වේ.ගැමියන්ගේ තක්සේරුව වනුයේ ගමේ 350කට වැඩි පිරිසක් සිටි බවයි.එයින් රැකියාවට ගිය අය හා පාසල් ගිය දරුවන් හැරුණු විට 192 දෙනකු සොයාගැනීමට නැතැයි ආපදාකළමණාකරණ නිලධරයෝ කියති.
ඔවුන් අනතුරුව එය සංශෝධනය කරමින් මිය ගිය ගණන 100ක් වන්නට ඇතැයි කීවේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද කීවේ මිය යන්නට ඇති ගණන 33ක් බවයි.මුල් දිනයේ සොයාගත් මළසිරුරු ගණන 3ක් බවයි.අදත් සිරුරක් සොයා ගැණිනි.එහෙත් ගැමියන් මුල් දිනයේ පැවසුයේ සිරුර 8ක් සොයාගත් බවයි.

