මීරිගම ‘මාධ්‍ය නාශක‘ තනිවේ


මීරිගම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පෙරවරු 10.30ට පමණ ඇරැඹි අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධම්මික අත්තනායක මහතා රීති ප්‍රශ්නයක් මතුකරමින් මාධ්‍යවේදීන්ට අසාන පැනවිය යුතු බව සභා සම්මත වී තිබියදී එම අසුන් ඉවත් කළේ ඇයි   දැයි සභාපතිගෙන් විමසීය.

එවිට ප්‍රාදේශීය සභාපති ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර පැවසුවේ තමා එවැන්නක් නොදන්නා බවයි.

එසේ නම් මාසික සභා රැස්වීම අවාරණය කිරීමට පැමිණෙන ලෙස මාධ්‍යවේදීනට ලිපි යැවුවේ ඇයිදැයි තවත් මන්ත්‍රීවරයකු විමසූ විට සභාපති පැවසුවේ එය ද තමා නොදන්නා බවයි.

මාධ්‍යවේදීන්ගේ අසුන් ඉවත් කර ඔවුන් දොට්ට දැමීම ගැන පැයක් පුරා මන්ත්‍රීවරු වාද විවාද කළහ.

ඉන් අනතුරුව ඊට විරෝධය දක්වා ප්‍රාදේශීය සභාවේ සියලු මන්ත්‍රීවරු සභාවෙන් පිටව ගියහ.   සභාවේ සභාපති පමණක් මුලසුනේ ඉතිරි විය.