‘මීරිගම සර්කිට් රේස්’ තරගාවලියේ දෙවැනි අදියර හෙට (14 වැනිදා) මීරිගම ‘ස්පීඞ් වෙඞ්ස්’ යතුරුපැදි ධාවන පථයේදී පෙ. ව. 9.00 සිට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. දෙවැනි අදියරේ පුහුණුවීම් කටයුතු ජූනි මස 22, 30 සහ 07 යන දින වලදී සාර්ථකව පැවැත්විණ.
යතුරුපැදි තරග ඉසව් 16 කින් සමන්විත මෙම තරගාවලියට, අවුරුදු 45 ට වැඩි ප‍්‍රවීණ යතුරුපැදි ධාවකයන්ගේ තරගයක් සහ සිලින්ඩර ධාරිතාව 1000 දක්වා වන අධිබලැති යතුරුපැදි ධාවන තරගයක්ද අන්තර්ගතවේ.
මාර්ග යතුරුපැදි කී‍්‍රඩාවට නව ජීවයක් ලබාදීම සහ නවක යතුරුපැදි ධාවකයන්ට තම දස්කම් දැක්වීමට ඉඩ හසර සකසාදීම මෙම තරගාවලිය සංවිධානය කිරීමේ ප‍්‍රධාන අරමුණ බව ස්පීඞ් වෙඞ්ස් රේසිං කණ්ඩායමේ ප‍්‍රධානී, සුපිරි යතුරුපැදි ධාවක ආනන්ද වෙඩිසිංහ පවසයි.
ආනන්ද වෙඩිසිංහ, උදේෂ් වෙඩිසිංහ, තුසිත ගුණසේකර, සුරාජ් පෙරේරා, නෙඞ් ඩැනියෙල්, මඳුරංග කල්දේරා, ශි‍්‍රයාන් සැමුවෙල්, පූර්ණක අලූත්ගේ සහ ප‍්‍රසන්න සුබසිංහ වැනි ප‍්‍රභල කී‍්‍රඩයන්ද ඇතුළත්ව කී‍්‍රඩකයන් 150 කට ආසන්න ප‍්‍රමාණයක් මේ වන විටත් තරගාවලිය සඳහා තම සහභාගීත්වය තහවුරු කර තිබේ.
අදියර 3 කින් සමන්විත මෙම තරගාවලියේ පළමු අදියර පසුගිය ජනවාරි මාසයේ පැවති අතර තුන්වැනි අදියර එළඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.
ස්පීඞ් වෙඞ්ස් රේසිං කණ්ඩායම විසින් ශ්‍රී ලංකා රේසිං යතුරුපැදි සංගමය සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.