මීරිගම අලි පැටවා උඩවළවට


මීරිගම කණ්ඩලම හන්දියේ නිවසක අනවසරයෙන් රඳවාගෙන සිටි අලි පැටවා උඩවළව ඇත් අතුරු සෙවණට ගෙනගිය බව වනජීවී නිලධාරීන් පවසයි. එම අලියා වෙනුවෙන් ලබා දී ඇතැයි කියන 2012 දී නිකුත් කළ බලපත්‍රය පිළිගත නොහැකියැයි වනජීවී නලධරයෝ කියති.

මේ නිවසේ වයස අවුරුදු 35ක පමණ හීලෑ අලියෙක් සිටිය ද එම අලියා වෙනුවෙන් නිකුත් කළ බලපත්‍රය ඉදිරිපත් කිරීමට ද නිවැසියන් අපොහොසත් වී ඇත. එම අලියාට අයත් බලපත්‍රය ඉදිරිපත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවැසියන්ට පැය 12ක කාලයක් ලබාදී තිබේ. එසේ බලපත්‍රය ඉදිරිපත් නොකළහොත් එම අලියා පින්නවල අලි අනාථාගාරයට ගෙන යාමට නියමිතය.