මීදුම සරසවි සිසුන් අතරමං කරයි
අධ්‍යාපන චාරිකාවක් සඳහා මහනුවර හන්තාන කන්දට ගිය සරසවි සිසුන් 250 දෙනෙකු අධික වර්ෂාව හා මීදුම නිසා අතරමං වී ඇතැයි පොලීසිය කියයි.
ඔවුහු ජයවර්ධනපුර, පේරාදෙණිය සහ යාපනය සරසවිවල සිසුහු වෙති.
තමන් අතරමං වී ඇති බවට ජංගම දුරකතන මගින් ඔවුන් පොලීසිය දැනුවත් කර තිබේ.
ඒ අනුව මහනුවර සහ ගලහ පොලීසි යුද හමුදාව සමග එක්ව සරසවි සිසුන් බේරා ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ඇරැඹීය.

