(හියුබට් ප්‍රනාන්දු)
මීගමුව බන්ධනාගාරයේ ඉදිරිපස තාප්පය සිදුරු කරගෙන සිරකරුවන් සිව් දෙනකු පළාගොස් ඇතැයි මීගමුව පොලිසිය පවසයි.
බන්ධනාගාරයේ ඉදිරිපස තාප්පයේ අඩි එක හමාරක පමණ සිදුරක් සාදාගෙන මොවුන් පැන ගොස් ඇතැයි ද පළාගිය සිරකරුවන් කුරුණෑගල, නාවලපිටිය, යාපනය හා වත්තල ප්‍රදේශවල සිට සොරකම් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් සිරගත කර සිටි අය බව ද පොලිසිය කියයි.
පළාගිය එක් සැකකරුවකුට මිනීමැරුම් චෝදනා එල්ලවී තිබේ.

