(මහින්ද නිශ්ශංක)
මාර්ග අංක 240 මීගමුව - කොළඹ පෞද්ගලික බස් රථ අද (15) සිට වර්ජනයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.
මගීන්ගේ ඉල්ලීමක් අනුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හරහා මීගමුවේ සිට අලුත්ගම,කළුතර, පානදුර, තොරණ, කොට්ටාව, මහරගම ඇතුළු ගමනාන්ත කීපයක් සඳහා ප්‍රවාහන අධිකාරිය මගින් නව බස් රථ යෙදවීමට විරෝධය දක්වා බස් වර්ජනයක් ආරම්භ කර ඇත.

