(ජයන්ත සමරකෝන්)
මීගමුව බන්ධනාගාරය වෙත රැගෙන ආ සැකකාර රුමේනියානු ජාතිකයකු බන්ධනාගාරය තූළට නොගෙන එම පරිශ්‍රයේ රඳවා තබා හෙට (14) කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීම සඳහා මහේස්ත්‍රාත් නියෝගයක් ලබාගෙන ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
කටුනායක ගුවන් තොටුපලේ රහස් පොලිසිය විසින් මෙම විදේශීය ජාතිකයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බාරයට පත්කර තිබිණි.
මේ අතර සියලුම බන්ධනාගාර රැඳවියන් බැලීම අමුත්තන් එක් අයකුට පමණක් සීමා කර ඇති අතර ආහාරපාන ගෙන ඒමද එක් රැඳවියකුට පමණක් සීමාවන පරිදි ගෙන ඒමට උපදෙස් දී තිබේ.

