මිහින් ලංකාවට තව පියාපතක්


මිහින් ලංකා ගුවන් සේවයට අද අලුතින් ගුවන් බසයක් එක් විය. මගීන් 210කට ගමන් කළ හැකි A 321-200 මෙම ගුවන් යානය ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් කුලී පදනම මත මිලදී ගෙන තිබේ. මේ යානය සමග මිහින් ලංකා ගුවන්යානා තුනක් ඇත. ඉදිරියේදී කොළඹ සිට දිල්ලි දක්වා සතියකට ගමන් වාර පහක් ද, එම ගමන්වාරවලින් දෙකක් නේපාලයේ කත්මන්දු දක්වා දීර්ඝ කිරීමටද ගුවන් බලධරයෝ බලාපොරොත්තු වෙති.