මිලානෝ ලාංකිකයෝ තව හොඳ වැඩක් කරති


යුද්ධයේ දී මියගිය පොලිස් විශේෂ කාර්ය බළකා රණවිරුවන් අට දෙනකුගේ දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ දී ශිෂ්‍යත්ව පිරිනැමිණි. ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයින්  දායකත්වය දක්වන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය වසර හයක් තිස්සේ අඛණ්ඩව සිදුවෙයි. මිලානෝ නුවර ගැමුණු විශ්වජිත් හා කුමාර බලදේව මහත්වරු මෙය සම්බන්ධීකරණය කරති. විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.ජී. රණවක සමග ශිෂ්‍යත්වලාහීහු මෙහි වෙති.