මිලානෝ ලංකාරාම විහාරස්ථානයේ පොසොන් පින්කම සීල භාවනා වැඩසටහනින් ආරම්භ විය. එදින සවස ලංකාරාමාධිකාරි කොටිකාවත්තේ ධම්මකුසල හිමියන්ගේ සංවිධානත්වයෙන් ලංකාරාමාධිපති ඔලබොඩුවේ ධම්මික හා විහාරවාසී බඩල්කුඹුරේ ධම්මසිරි හිමිවරු ආගමික වතාවත් ඉටු කළහ. සූවිසි විවරණ පූජාව මිලානෝ නුවර තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.