මිලානෝ කොන්සියුලර් සල්ලිවලට විදලා


ඉතාලියේ මිලානෝ නුරව ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයයේ සේවකයින් දෙදෙනකු යුරෝ එකොලොස් දහසක (රුපියල් ලක්‍ෂ 1760000) වංචාකර ඇතැයි පැවසේ. ප‍්‍රධාන කොන්සියුලර් නිලධාරී කුමාරසිංහ ගමගේ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා මාස කිහිපයක් ලන්ඩන් නුවරට ගොස් සිටි අවස්ථාවක වංචාව සිදුකර ඇත. ලංකාදීප එසැණට අදහස් දැක්වූ කුමාරසිංහ මහතා කියා සිටියේ වංචා කළ එම මුදල් තමන්  විසින් පියවූණු බවයි. මිලානෝ නුවර කොන්සියුලර් කාර්යාලය ආරම්භකර ගතවූ වසර දෙකහමාරේ රුපියල් කෝටි අටකට වඩා ශුද්ධ ලාභයක් උපයා එම මුදල් රජයට දුන් බවත් රණවිරුවන් හා පාසල් සිසුන් අරබයා ද තම ආයතනය ශ්‍රී ලංකාවේ නොයෙක් සුබසාධන වැඩ රැසක් කරන බවද ඔහු පවසයි.