දඹුල්ල ඇතුළු කිරි ශීත කරන මධ්‍යස්ථාන හැත්තෑ හතක ශීතකරණ 24 පැයේම කිරි සිසිල් කරන නමුත් ගොවීන්ගෙන් මිලදී ගන්නා විශාල කිරි තොගයක් කිරි බඳුන්වලම තබන්නට සිදුවී ඇතැයි මිල්කෝ සමාගම කියයි. පෞද්ගලික සමාගම් දෙකක් මෙරට ගොවීන්ගෙන් කිරී නොගෙන පිටරට වලින් අඩු මිලට කිරි ගෙවීමත්, දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වැඩි මිලට ගැනීමට සිදු වීමත් නිසා සමාගම බරපතල අර්බුදයකට මුහුණ පා සිටී. මිල්කෝ සමාගමේ සභාපති සුනිල් වික්‍රමසිංහ මහතා පවසනුයේ සමාගම කිසිම ගොවියකු හරවා නොයවන බවයි. කිරි විසි කරන්න සිදු වුවත් අපි ගොවීන්ගෙන් කිරි මිලට ගන්නාවා. කිරි යන්ත්‍රාගාර සියල්ලම පිරී ඇතැයි ද ඔහු කියයි. දිනකට ලීටර් ලක්ෂ දෙකක් ඉක්මවා මිලට ගන්නා බවත් ඊට සරිලන පරිදි අඹේවෙල, පොළොන්නරුව, නාරාහේන්පිට හා දිගන කම්හල්වලින් වෙළෙඳ පොළට කිරි නිෂ්පාදන නොසපයන බවත් සේවකයො කියති. ගොවීන්ගෙන් මිලට ගන්නා අමුකිරි එම බඳුන්වල හා ප්‍රවාහන බවුසර් වලම තිබියදී පැය හතරකට වරක්, නරක් නොවීම සඳහා බෙහෙත් මුසු කිරීමට සිදුව ඇතැයි සේවකයෝ පවසති. දිනකට කිරි ලීටර් හතළිස් දහසක් පමණ නරක් නොවී බේරා ගැනීම බරපතල අර්බුදයක් වී ඇතැයි ද වෘත්තිය සමිති කියයි.
අලුතෙන් සමාගමට ගෙන්වූ යන්ත්‍රයක් සවිකැර මාස දෙකක් ඇතුළත මේ ප්‍රශ්නයට විසැඳුමක් දීය හැකි බවත් එළඟිතෙල් හෝ නිෂ්පාදනය කර ප්‍රශ්නය විසැඳීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා කියයි.