(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් 2014 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් මිල්කෝ ආයතනයට රුපියල් කෝටි 531 ක පමණ අමතර වැය බරක් දරන්නට සිදුව ඇතැයි එම ආයතනය රජයට දැනුම්දී ඇත.
දැරීමට නොහැකි එම වැයබර හේතුවෙන් මිල්කෝ ආයතනයේ බැංකු ණය රුපියල් කෝටි 120 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවද එම ආයතනය දැනුම් දී තිබේ.
මේ තත්ත්වය තුළ ආයතනය දැඩි මූල්‍ය අර්බුධයටකට ලක්ව ඇති බැවින් අමතර වැයබරින් රුපියල් කෝටි 150 ක මුදලක් නොපමාව ලබාදෙන්නැයි මිල්කෝ ආයතනය රජයෙන් ඉල්ලීමක් කර ඇත.
රජයේ අයවැය යෝජනාව අනුව 2014 නොවැම්බර් සිට රුපියල් 10 න් ද, 2015 ජූලි මස සිට රුපියල් 10න්ද කිරිලීටරයක මිල ඉහල දැමීමත් අයවැය යෝජනා අනුව කිරිපිටි මිල හා යෝගට් මිල අඩුකිරීමත් මෙම අමතර වැයබර වැඩිවීමට හේතුවී ඇතැයි මිල්කෝ ආයතනය පෙන්වා දී ඇත.

