පුත්තලම අනුරාධපුර මාර්ගයේ හතරේ කණුව කන්ද අමාරුවෙන් නගිමින් සිටි ලොරියකින් මිරිස්ගෝනි 10ක් හොරෙන් බා ගත් බව කියන දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
කොළඹ සිට යාපනය බලා ගිය මෙම ලොරියේ රියදුරාට සහ සහායකයාට නොදැනෙන පරිදි සොරුන් මිරිස් ගෝනි බාගෙන ඇතැයි ද, මීට කලින් ද මෙවැනි සොරකම් සිදු වී ඇතැයි ද පොලිසිය පවසයි.