(ඩබ්. ඒ. පියතිලක)
ඉතා දුර්ලභ වර්ගයේ මත්සයකු වන ආදෙකු හිඟුරක්ගොඩ ප්‍රදේශයේ වැව් මාළු අලෙවි කරන ස්ථානයක අලෙවිය සඳහා තබා ඇති බව එහි වෙළෙන්දෙක් පැවසීය.
මෙම ආදා දිගින් අඩි හතරක් පමණ වන අතර කිලෝ හයක් පමණ බරය. මෙම වර්ගයේ මාළු කිලෝ එකක් රුපියල් 400ක් වැනි මිලකට අලෙවි කරන බව එම වෙළෙන්දා පැවැසීය.
ආදා දැක බලාගැනීම සඳහා බොහෝ පිරිසක් එම වෙළඳසැල වෙත පැමිණ සිටියහ.
පවතින අධික වර්ෂාවත් සමග වැව් අමුණු වාන් දැමීම හේතුවෙන් මෙවැනි මත්සයින් ජලය මතුපිට තලයට පැමිණ මිරිදිය ධීවරයන්ට හසුවී ඇතැයි එම වෙළෙන්දා කීය.
වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින ආදා වැනි ආරක්ෂා කරගැනීම සඳහා සිටින නිලධාරීන් ද ආදන් මෙන් ලිස්සා නොයා, ක්‍රියා මාර්ග ගත යුතු බව ජනතාව පවසති.



