(නිමන්ති රණසිංහ)
සිංහල බෞද්ධ සංවිධාන 17ක් එකතුව මියන්මාර් රජයට සහාය පළ කරමින් අද(19) කොළඹ විහාර මහා දේවි උද්‍යානය අවට පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය වළක්වාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අතුරු තහනම් නියෝගයක් පැනවීය.
ඒ අනුව බොදු බල සේනා සංවිධානය, සිංහල රාවය, රාවණා බලය, ජාතික පෙරමුණ, ජාතික භික්ෂු පෙරමුණ ඇතුළු සංවිධාන 17කට මෙම නියෝගය නිකුත් කෙරුණු අතර කොළඹ පිත්තල හංදිය, දවටගහ පල්ලිය අසල, රොස්මිඩ් පෙදෙස, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, හෝර්ටන් පෙදෙස, එෆ්.ආර්.සේනානායක මාවත සහ කන්නන්ගර මාවත යන ස්ථානවල එම උද්ඝෝෂණ තහනම් කරමින් අදාළ නියෝගය නිකුත් කර ඇත.

