මිනිහෙක් මැරී උපදී
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් දුම්රිය පොළේ සිටි මඟියෙක පස්සෙන් පස්සට යද්දී රේල් පාරට වැටුණේය. දුම්රිය නවත්වා ගැනීමට ද නොහැකි විය. දුම්රිය ඔහු යටකරන්නට තත්තපර කිහිපයකට කලින් ඔහුගේ දිවි බේරාගත හැකි විය. එම වීර ක්‍රියාව කෙළේ වෙනත් වේදිකාවක සිටි මඟියෙකි. ඔහු වහා දුම්රිය මඟට පැන වැටී සිටි මගියා බේරාගෙන වේදිකාවට නඟිනවාත් සමග දුම්රිය එම ස්ථානය පසුකර ධාවනය විය.

