මිනිහෙක් දරු දෙන්නා ගඟට විසි කරයි


මාතර මහානාම පාලමෙන් කුඩා ළමයින් දෙදෙනකු නිල්වලා ගඟට විසි කළ පුද්ගලයකු සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.

වයස අවුරුදු දෙකක් හා හතරක් වන ගැහැණු ළමයින් දෙදෙනා බේරා ගැනීමට ගැමුණු හේවා බලකායේ සෙබළු සමත්වූහ.

දරුවෝ දෙදෙනා මාතර මහ රෝහලට ඇතුළු කරනු ලැබූහ

.