මිනිහෙක් ඉඩමක අයිතිය ගිලියි


මහනුවර ඉඩම් ලේකම් කාර්යාලයේදී ඔප්පුවක මුල් පත්ඉරුවක් හපා කා ගිල දැමූබව කියන මහරගම නාවින්නේ ජේමිස් මාරසිංහ (73) මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රවීන්‍ද්‍ර පේ‍්‍රමරත්න මහතා විසින් රිමාන්ඞ් කරණු ලැබීය. නීතිඥයකු බව කියාගත් ඔහු නීතිඥයකුදැයි විමසා වාර්තා කරන ලෙස නියම කළ මහේස්ත‍්‍රාත් කටෙන් එළියට ගත් පත්ඉරුකෑලි රජයේ රස පරීක්ෂක වෙත යැවීමටද නියෝග කළේය.