මිනිස් ජාවාරමට ට්‍රෝලර් යාත්‍රාවකුත් අරන්


ඕස්ට්‍රේලියාවට හොරෙන් 113 රැගෙන යෑමට තැත් කළැයි කියන ප්‍රධාන සැකකරු හා දෙවැනි සැකකරු ට්‍රෝලර් යාත්‍රාවකත්  හිමිකරුවන් වෙතියි කියන තොරතුරු පොලිසියට ලැබී ඇත. මේ යාත්‍රාව ත්‍රිකුණාමලය ඈත මුහුදේ ඇතැයි කියති.  අන්තර් ජාතික මුහුදු සීමාවේදී මිනිසුන් නැව්වලට නැංවීම සඳහා මේ ට්‍රේලර් යාත්‍රාව යොදා ගනිතියි ද පොලිසියට තොරතුරු ලැබී ඇත.