මින්නේරියේ වෑන් රථ අනතුරකින් දෙදෙනෙක් මරුට


 

 

 

                                      

ක.ග කරුණාරත්න

 

පොලොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය නගරයට නුදුරුව දී පුද්ගලයන් 6 දෙනෙකු ගමන් ගත් වෑන් රථයක් අද (26) අලුයම 1.20 ට පමණ මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල තිබූ ගසක හැපීම නිසා සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර අනෙක් සිව්දෙනා බරපතල තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.

අනතු‍රින් මියගොස් ඇත්තේ පොලොන්නරුව, කදුරුවෙල, මුස්ලිම් ජනපදයේ පදිංචි 23 හැවිරිදි වියේ පසුවන තරුණයෝ දෙදෙනෙකි.

මහනුවර සිට පොලොන්නරුව, කදුරුවෙල බලා ධාවනය වෙමින් තිබූ මේ වෑන් රථයේ අධික වේගය සහ රියැදුරට නින්ද යාම නිසා මේ අනතුර සිදුවී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.