මින්නේරිය සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රා.ස මන්ත්‍රී ඇතුළු 11 දෙනා රිමාන්ඩ්



මින්නේරිය ජාතික වනොද්‍යානයේ නිලධාරින් පිරිසකට පහර දි එහි සිරමැදිරියක රඳවා තබාගෙන සිටි සැකකරුවෙකු බලෙන් රැගෙන යාම සම්බන්ධයෙන්  සැකපිට අත් අඩංගුවට ගත් හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා  ඇතුළු පුද්ගලයින් 11 දෙනා හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  හිගුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.