මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිවුන් අලි පැටවුන්


(සංජය මධුශාන්)

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දී කෙනෙරක් විසින් නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු බිහිකර ඇති බව මින්නේරිය ජාතික වනෝද්‍යානය භාර භාතිය මඩුගල්ල මහතා පැවසීය.

මෙම අලි පැටවුන් දෙදෙනා නිවුන් අලි පැටවුන් බව වනජීවී දෙපාර්තමේන්තුව හා ආචාර්ය සුමිත් පිලපිටිය මහතා සිදුකළ අධ්‍යනයකදී තහවුරු වී ඇති බව භාතිය මඩුගල්ල මහතා සඳහන් කළේය.

මෙම අලි පැටවුන් දෙදෙනාගේ ඩී.එන්.ඒ පරීක්ෂාවක් සිදුකිරීමට කටයුතු කරන බව මින්නේරිය ජාතික වනෝද්‍යානය භාර භාතිය මඩුගල්ල මහතා පැවසීය.