මින්නේරිය - කවුඩුල්ල යළි අරී



 
වනජිවී නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබු මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානය අද (28) පස්වරුවේ යළි විවෘත කළ බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.


මින්නේරිය වැවේ තහනම් දැල් ආම්පන්න භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි ධිවරයකු අත්අඩංගුවට ගැනීමත් සමඟ ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසින් වනජිවි නිලධාරින්ට පහරදිමත් සමඟ මින්නේරිය වනෝද්‍යානය වසා දැමිණි.


පසුව වනජිවි නිලධාරීන් වාත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර  පසුව කවුඩුල්ල ජාතික වනෝද්‍යානය ද වසාදැමීමට  පියවර ගැණිනි.      

               
 

                                
(28535)