මිතුරා මරුට
ඉතාලියේ මිලානෝ නුවරදී එකට කා බී මිතුරකුගේ මරණය සිදු කළැයි සැකපිට ගජ මිතුරන් සිවු දෙනකු සොයන ඉතාලි පොලිසිය ඔවුන් මිලානෝ නුවර නැතැයි කියයි.
මීට මාස දහයකට පමණ පෙර බටුගෙදර ආරච්චිගේ චානක (47) සිය මිතුරන් සිවු දෙනකු ඔහුගේ ගෙදර සාදයකට කැඳවීය. එහිදී වූ බහින් බස් වීමකින් පසුව රිය ගාලේදී පහර කෑමට ලක්ව සිහි සුන් වූ චානක ඔහුගේ මිතුරන් විසින් ඔහුගේ කාමරයටද රැගෙන ගොස් ඇත. මාස හතරක් මිලානෝ රෝහලක දැඩි සත්කාර ඒකකයේ සිටි චානක පසුගිය සිකුරාදා මිය ගියේය. ඔහු කාමරයට රැගෙන ගොස් මිතුරන් ගෙදරින් ගොස් ඇත.මරණයට හේතුව පහරදීමකින් මොළයට ලේ ගැලීම නිසා බව වෛද්‍යවරු කියති. රෑ කෑම ද කෑ මිතුරන් දැන් මිලානෝ නුවර නැතැයි කියති. චානක මරදානේ ද මිතුරන් කොම්පඤ්ඤවීදියේ ද සිට ඉතාලි ගියහ. චානකගේ මරණයෙන් ඔහුගේ බිරිය හා දරුවා අසරණ වී සිටිති.

