ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට යද්දී සැකකරුවකු වෙඩි වැදී මිය ගිය බව සිරිපුර පොලීසිය කියයි. හමුදාවෙන් පැණ ගිය බව කියන මොහු වෙඩි තබා ගන්නට ඇතැයි සැක කෙරේ.
සිරිපුර මුදුන්ගම නිවසක සිටි බව කියන මොහුගෙන් අපරාධ කිහිපයක තොරතුරු කිහිපයක විමසීමට පොලීසිය එහි යන විට ඔහු පොලීසියට වෙඩි තබා ඇති බවත් දැනගන්නට ඇත.
ඔහු ළඟ අනවසර ගිනි අවියක් තිබුණු බවට ද පොලීසියට තොරතුරු ලැබී තිබිණි.

