මැරුම් කෑ තිදෙනා බලෙන් කොළඹට ගෙනැල්ලා


වැල්ලවත්ත රාමක‍්‍රිෂ්ණ පාරේ ත‍්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා කොටගල රියැදුරෙකු සහ වෑන් රියක් අත්අඩංගුවට ගත් බව ළිඳුල පොලිසිය කියයි. ඝාතනයට ලක්වූ මව, පියා සහ දුව සතියකට පමණ පෙර මෙම වෑන් රථයෙන් කොටගල සිට බලෙන්ම ගෙන එන්නට ඇතැයි පොලිසියට තොරතුරු ලැබී තිබේ. මියගිය ක‍්‍රිෂ්ණකුමාරගේ පුතා වන ඖෂධවේදියාද එම වෑන් රියෙන් කොළඹට එන්නට ඇතැයි සැක කෙරේ.